Tuesday, February 17, 2026
Follow Us
තවත් කොවිඩ් මරණ 5ක්

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,635ක් දක්වා ඉහළට


කොවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) පස්වරුවේ තහවුරු කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මියගිය පුද්ගලයන් පස්දෙනාගෙන් සිවුදෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එක පුද්ගලයෙක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අයකු බවත්ය.

එම පුද්ගලයන් අතර පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,635කි.

Aruna