Tuesday, February 17, 2026
Follow Us
රජයේ නිලධාරීනුත් ඉන්ධන ජාවාරමේ යෙදිලා හිටියා – ටැංකි රථ සංගමයෙන් චෝදනා !

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ඉන්ධන ජාවාරමට රජයේ නිලධාරීන් ද සම්බන්ධ බවට ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

“පසුගිය කාලයේ ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් චෝදනාව ත්‍රීරෝද රථකරුවන්ට පමණක් ලඝු කරලා තිබුණා. ඒක සම්පූර්ණ වැරදියි. ඔවුන් විතරක් නෙවෙයි ඉන්ධන පිරවුම්හල්වලට එක්‍ රොක් වෙලා හිටපු රාජ්‍ය නිලධාරීනුත් එම ජාවාරමේ යෙදිලා හිටියා කියන එක අපට මේ වෙනකොට පෙනී යනවා. ත්‍රීරෝද රථකරුවන් පමණක් නෙවෙයි රජයේ නිලධාරීනුත් මෙම ක්‍රියාවලියේ යෙදිලා හිටියා”

ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

LNW