Tuesday, February 17, 2026
Follow Us
ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායට


ලාෆ්ස් ගෑස් සමාගමට අයත් “GAS CHALLENGER” නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇත.

ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ අදාළ නෞකාවෙන් එල් පී ගෑස් මෙට්‍රික් ටොන් 3,120ක් සමඟ හම්බන්තොට වරායේ ස්ථාපිත ලාෆ්ස් ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ළඟා වී ඇති බවයි.

මේ වනවිට ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙන බවත් පිරවුම් කටයුතු අවසානයේ දේශීය පරිභෝජනය සඳහා මෙම ගෑස් තොගය වෙළද පොළ වෙත නිකුත් කෙරෙනු ලබන බවත් ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් පැවසීය.

Aruna