Tuesday, February 17, 2026
Follow Us
දෙමළ සංවිධාන තහනම ඉවත් කිරීම පිටුපස සැඟවුණු අනතුරක් ගැන හෙළි කෙරේ

ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේවෙතත් සංවිධාන 15 ක් තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් වන අතර පුද්ගලයින් 316 ක් අසාධු ලේඛණගත කර තිබෙනවා.

මෙලෙස දෙමළ සංවිධාන 06ක් තහනම් කිරීමට බලපෑ හේතු සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් සිදු කළ යුතුබව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙමළ ඩයස්පෝරාවෙන් රටට ඩොලර් ගෙන ඒමට තමාට හැකි බවයි.

 

Neth