Tuesday, February 17, 2026
Follow Us
දේශපාලනඥයින්ට නීතියට ඇගිලි ගැසීමට ඉඩ නොතැබිය යුතුයි - කාදිනල් හිමිපාණන්

කුමන ආකාරයකින් හෝ දේශපාලනඥයින්ට නීතියට ඇගිලි ගැසීමට ඉඩ නොතැබිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එලෙස සිදුකරන තෙක් රටට අවශ්‍ය සැබෑ නිදහස උදානොවන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේ ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදෙන ලද මූල්‍ය පරිත්‍යාගය බෙදාදීමේ දෙවන අදියරට එක්වෙමින්. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී එම මුල්‍ය පරිත්‍යාගයේ දෙවන අදියර අද සිදු කෙරුණා.

Neth