Friday, April 26, 2024
Follow Us
බ්ලොක් ගලක මිලත් සියයක් දක්වා ඉහළට

විදුලිබිල සහ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සදහා යොදාගන්නා සිමෙන්ති ගඩොලයක මිලද රුපියල් සියය ඉක්මවා යා හැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කරන බවයි.

විදුලිබිල ඉහළ දැමීම ඉදිකිරීමේ ක්‍ෂේත්‍රයට මෙන්ම එහි සේවය කරන පනස් පන් ලක්‍ෂයක පමණ සේවක පිරිසගේ ආර්ථිකයටද බලපෑම් එල්ල වන බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සභාපති සුසන්ත ලියනාරච්චි වැඩිදුරටත් සදහන් කළේ.

ඉකුත් සමයේ රුපියල් තුන්දහසේ සීමාව පවා ඉක්මවා ගිය සිමෙන්ති කොට්ටයක මිලද මේ දක්වා අඩු වී නැහැ. ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් අළෙවි කරන්නේ රුපියල් 3,000 ත් 3,500 ත් අතර මිලකටයි.

Neth