Tuesday, February 17, 2026
Follow Us
රැට්ටාට ලක්ෂ පහනක් ලැබුණේ කොහෙන්ද ?

ගිණුමට වැටුණු සල්ලි ගැන රැට්ටා කියන කතාව


තම ගිණුමට බැරවී ඇති රුපියල් ලක්ෂ පනහක මුදලක් සම්බන්ධයෙන් පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම ගාලුමුවදොර අරගලයේ සාමාජිකයෙකු වන රිතිදු සේනාරාත්න හෙවත් රැට්ටා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද එම බැංකුවට පැමිණිලි කරන බවද ඔහුකීවේය.

ගාලුමුවදොර අරගලය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදල් බැංකු ගිණුමට බැරකරගෙන ඇතැයි චෝදනා එල්ල වන රැට්ටා ට මෙම මුදලද බැර කර ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

තමා ගාලුමුවදොර අරගලයට තමාගේ පෞද්ගලික මුදල් ද වියදම් කරමින් බවත් අරගලයේ නාමයෙන් කිසිදු මුදලක් කිසිවෙකුගෙන් හෝ ගෙන නැති බවත් රැට්ටා මුහුණු පොතේ ප්‍රචාරයක්ද සිදුකර තිබුණි.

Aruna