Monday, December 29, 2025
Follow Us
අඩු කරන්න කිව්වත් මිල අඩු කරන්න බැහැ - ආපන ශාලා හිමියන් කියයි

බත් පාර්සලයක ඇතුලු ආහාර මිල ගණන් අඩු කළ යුතු බවට ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළද මෙතෙක් බොහෝ ආපන ශාලාවල මිල ගණන් අඩුවී නොමැති බවට පාරිභෝගිකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ද ආපන ශාලාවල ආහාර අලෙවි කෙරෙන්නේ පෙර පැවති මිලටම බවයි.

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ප්ලේන්ටියේ සිට ආපන ශාලාවල ආහාර මිල ගණන් අඩුකළ යුතු බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඉකුත්දා ප්‍රකාශ කළා.

ආපන ශාලා හිමියන් සඳහන් කළේ, ආපන ශාලා හිමියන්ගේ සංගමය යැයි කියාගන්නා සංගමයක සභාපතිවරයෙකු පැවසූ පරිදි ආපන ශාලාවල ආහාර මිල ගණන් අඩු කළ නොහැකි බවයි. ගෑස් මිල අඩුවී ඇතත් විදුලි බිල සහ එළවළු මිල අඩුවී නොමැති බැවින් ආහාර මිල ගණන් අඩු කරන්නේ කෙසේදැයි ආපනශාලා හිමියන්, ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් ම ප්‍රශ්ණ කරනවා.

Neth