මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වූ දේ
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට ගමන් කරමින් සිටි පසුගිය සයමස තුළ දී ශ්‍රී ලංකාවේ සෑම දෙමාපියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තම දරුවන්ගේ හැසිරීම්වල සෘණාත්මක වෙනස්කම් නිරීක්ෂණය කර ඇතැයි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
2022 ජූනි මාසයේ දී සේව් ද චිල්රන් (Save the Children) ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක නවය තුළම පවුල් 2309ක් ආශ්‍රයෙන් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, සෑම පවුල් හතරකින් තුනකට ම පාහේ තම දරුවන්ගේ චිත්තවේගීය හා මානසික සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඔවුන් සමඟ වැඩි කාලයක් ගතකිරීමට සිදු ව ඇති බවයි.
මෙයට හේතුවී ඇත්තේ වැඩි වැඩියෙන් දරුවන් මානසික පීඩාවට පත්වීමේ සහ සමාජ සබඳතාවන්ගෙන් ඈත්ව සිටීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමයි.
වේගයෙන් ඉහළ නඟින උද්ධමනයත්, දෛනික විදුලි කප්පාදුවත්, ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟයත් නිසා බොහෝ පවුල් සිය දරාගැනීමේ හැකියාව ඉක්මවා සිටින බවට එම සමීක්ෂණය අනාවරණය කර ඇත.
පවතින තත්ත්වය නිසා පවුල් මත ඇතිකර ඇති ආර්ථික පීඩනය හේතුවෙන් සෑම දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ආහාර රුචිය නැතිව ගොස් ඇති අතර, ඔවුන් ප්‍රචණ්ඩභාවය සම්බන්ධ ගති ලක්ෂණ වැඩියෙන් පෙන්නුම් කරන බව එම වාර්තාව හෙළි කරයි.
Aruna