Monday, December 29, 2025
Follow Us
කෝටිපති පූජකවරයෙක් අත්අඩංගුවට

දරුවන්ට ලිංගික අපයෝජන කළ සැකකරු ලබන 23 දක්වා රිමාන්ඩ්


පාසල් සිසුන් රවටාගෙන ගොස් ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන්ගේ දෙමව්පියන් විසින්, පුද්ගලයෙකු තම දරුවන් ලිංගික අපයෝජනයන්ට යොදා ගැනීමක් සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ දරුවන්ගෙන් ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වට්ස්ඇප් මාර්ගයෙන් අපයෝජනයන් සඳහා දරුවන් යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Aruna