නීතිපති අධිකරණයට කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල රථයට ඉකුත් ජූලි 9 වැනිදා කලහකාරීන් විසින් සිදුකර ඇති අලාභය රුපියල් මිලියන 191 ඉක්මවන බව නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (10 වැනිදා) දැනුම් දුන්නේය.
එමෙන්ම එදින කලහකාරීන් විසින් ජනාධිපතිවරයාගේ සොහොයුරු චන්න නලීන් වික්‍රමසිංහගේ නිවසට කරන ලද අලාභය රුපියල් මිලියන 14කට අධික බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත දන්වා සිටියාය.
අරලියගහ මන්දිරයේ තිබූ රුපියල් මිලියන 20කට අධික ලැප්ටොප් පරිගණක, කැමරා ඇතුළු භාණ්ඩ සොරකම් කර සහ විනාශ කර ඇතැයිද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම, එහි තිබූ නිල රථයට සහ නිවසේ භාණ්ඩවලට සහ ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස අසල තිබෙන ඔහුගේ සොහොයුරුගේ නිවසට අලාභහානි කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වූ විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම්කර සිටින සැකකරුවන් 9 දෙනා අතරින් සැකකරුවන් 6 දෙනෙකු ලබන 24 වනදින තෙක් රිමාන්ඩ් භාරයෛ් තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
aruna