ළමුන්ගේ බුද්ධි මට්ටම හීන වෙන ලකුණු
ගත වූ මාස කීපය තුළදී ළමා සායනයට පැමිණෙන දරුවන්ගෙන් සියයට 20ක් දෙනාගේ තිබූ බරට වඩා බර අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවාය.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් වයසට සරිලන බරට වඩා අඩු බර දරුවන් කණ්ඩායමක් අපට හිමි වීමට වැඩි ඉඩකඩක් පවතිනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
වයසට සරිලන සේ දරුවකුගේ බර වැඩි නොවුවහොත් එම දරුවා බුද්ධි මට්ටමින් හින වූවකු බවට පත් වනවා පමණක් නොව අභ්‍යන්තර ශරීර අවයව නිසි ලෙස වර්ධනය නොවූ රෝගී දරුවකු බවට පත්වෙනු ඇතැයිද ඇය අවධාරණය කරන්නිය.
මෙම තත්ත්වය වහාම වළක්වා ගැනීමට නම් දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය ලබා දිය යූතු වන අතර එසේ නොවුවහොත් අනාගත දරු පරපුරට ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඇය අනතුරු අඟවා සිටියි.
Aruna