Monday, December 29, 2025
Follow Us
පොටෝකොපියක මිලත් වැඩිවෙයි

විදුලි ගාස්තුවට විරෝධය පා කළු කොඩි ඔසවන්නලු


විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායා පිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය අද (10) පැවසීය.

අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කරයි.

ඡායාපිටපත් ගාස්තුව රුපියල් 10 ත් 12 ත් අතර මේ වන විට පවතින අතර එම මිල තවදුරටත් වැඩිවීමෙන් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් දැඩි අපහසුතාවට පත්වන බව ඔහු සඳහන් කළේය.

ඡායා පිටපත් කඩදාසි බන්ඩලයක මිල රුපියල් 580 ත් 640 ක්ව තිබියදී ඡායාපිටපතකට රුපියල් 4 ත් 5 ත් අතර අයකළ බවත් ඡායාපිටපත් කඩදාසි බන්ඩලයක මිල මේ වන විට රුපියල් 3200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

Aruna