Monday, December 29, 2025
Follow Us
සාම්පල 20කින්ම සැර කොරෝනාව හමුවෙයි

කොරෝනා ගැන භය හිතෙන ආරංචියක්


කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි.

බී.ඒ අනු ප්‍රභේදය සහිත රෝගීන් බොහෝ දෙනකු කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අය බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

කොවිඩ් රෝගීන්ගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණය කිරීමේ (සැර කොරෝනා ප්‍රභේද සෙවීමේ) තවත් පරීක්ෂණයක් ලබන 8 වෙනිදා සිදු කරන බව ඔහු සඳහන් කරයි.

ලෝකය පුරා මේ දිනවල තදින්ම පැතිරෙන්නේ මේ නව අනු ප්‍රභේදය බවත් මේ ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී යම් අවදානම් තත්වයක් මතු වීමට ඉඩ ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna