Monday, December 29, 2025
Follow Us
සහන අයවැය පාර්ලිමේන්තුවට ගෙනෙන දින වකවානු ජනපති රනිල් කියයි

මෙම වසර සඳහා ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ලේඛනය සැප්තැම්බර් මාසයේ පළමු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් ජනතාවට සහන දීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග ඊයේ (04) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ය.

LNW