සාමාන්‍ය සේවා බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් අඩු කෙරුණා. එලෙස බස් ගාස්තු අඩු වන්නේ 2020 වසරේ නොවැම්බර් 11 වනදා සියයට 20කින් ඉහල දැමුණු බස් ගාස්තුව සියයට 10කින් හා ඉකුත් 01 වනදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් සියයට 1.14ක් ලෙසයි.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ බස් රථවලින් එළෙස මඟීන්ගෙන් එම ගාස්තු අය කරන්නේ දැයි සොයා අද සිට වැටලීම් සිදු කරන බවයි.
එහෙත් එම බස් ගාස්තු සංශෝධනය පිළිනොගන්නා බවයි පෞද්ගලික බස්රථ සංගම් පැවසුවේ. ගාස්තු අඩු කිරීමට එරෙහිව සහ බස් රථවලට ලබා දෙන ඩීසල් ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වූ බව පෞද්ගලික බස් සංගම් පැවසුවා. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත්.
සිය සංගමයද අද සිට බස් ධාවනයෙන් ඉවත් වූ බවයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.
පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් වීම හේතුවෙන් මේ වන විටත් ධාවනය වන සියලු දුම්රිය මඟීන්ගෙන් පිරී ඇති් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
Neth