Tuesday, February 17, 2026
Follow Us
නිවාස පෙළකට පස් කන්දක් කඩාවැටෙයි

අධි අවදානම් ප්‍රදේශයේ නිවාස 04ක් විනාශ වෙයි


බලංගොඩ මාරතැන්න ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ වතු නිවාස පෙළකට පස්කන්දක් කඩා වැටීමෙන් නිවාස 04ක් විනාශවී තිබේ.

හානිවු නිවාස හතරක පුද්ගලයින් 16 දෙනෙකු තාවකාලිකව වෙනත් නිවාස වෙත ගොස් ඇත.

පස් කන්ද කඩාවැටී පැය ගාණක් ගතවන තුරු වගකිවයුතු නිලධාරියෙක් එම ප්‍රදේශයට නොපැමිණි බවද ප්‍රදේශවාසීන් පවසයි.

අදාළ ප්‍රදේශය නායයෑමේ අධි අවදානම් ප්‍රදේශයක් ලෙස 2016 වර්ෂයේ දී රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශයකි.

Aruna