Monday, December 29, 2025
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

ඩීසල් ලීටර් 40න් දුර සේවා පැයක්වත් ධාවනය කරන්න බෑ


අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය තීරණය කර තිබේ.

ඒ QR කේත ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමිනි.

මේ ඒ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්,

QR කේතය මගින් ඩීසල් ලබාදීමේදී සතියකට ඩීසල් ලීටර් 40ක් පෞද්ගලික බස් රථයකට දෙන්න තමයි රජය තීන්දු කරලා තිබෙන්නේ.
ඩීසල් ලීටර් 40 කියන්නේ දුර සේවා නම් පැයක්වත් ධාවනය කරන්න බෑ. කෙටි දුර ධාවනය කරන බස් රථයක් වරුවක් ධාවනය කළ හැකියි. මේ වන විටත් දකුණු පළාත් බස්රථ හිමියන්ගේ සංගමය සමස්ත දකුණු පළාත තුළම බස් ධාවනයෙන් ඉවත් වෙලා.
ඒ නිසා අපි කියනවා අද මධ්‍යම රාත්‍රීයේ සිට ශ්‍රී ලංකාව පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙන්න අපේ ප්‍රධාන බස් සංගම් කිහිපය තීන්දු කළා.

Aruna