කොවිඩ් පාලනය කළේ නැත්නම් ඉදිරියේදී තත්ත්වය භයානකයි
වදුරු උණ හෙවත් මන්කි පොක්ස් වසංගතයට මුහුණ දීමටද මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ වදුරු උණ වසංගතය මෙරටට පැමිණීමේ ඉඩකඩ පැහැදිලිව පවතින බවයි.
මේ අතර වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන්ද වෛද්‍ය සමිත ගිනිගේ මෙලෙස අදහස් දැක්වීය.
පහුගිය දවස් හතර පහ තුළ කොවිඩ් රෝගීන් 100 පන්නලා වාර්තා වෙද්දි මරණවලත් යම් වැඩිවීමක් දකිනවා. මේ තත්ත්වය දැන්ම කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉදිරියේදී මීටවඩා භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
Aruna