Tuesday, February 17, 2026
Follow Us
ධානිෂ් අලී ට සිරදඬුවමක්

බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකථනයක් භාවිතා කරලා


ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ධානිෂ් අලී නමැත්තාට සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදක් සම්බන්ධයෙනි.

කොළඹ අති‍‍රේක දිසා විනිසුරු ඉදිරියේදී එම සැකකරු චෝදනාවට වරද පිළිගෙන තිබේ.

ඒ අනුව ඔහුට දින 14ක සිරදඬුවමක් නියම කර වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

2022.07.27 වන දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂණ භාරයට පත් කරන ලද ධානිෂ් අලී නැමති සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර නීතිරීතිවලට අනුව නීතිවිරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (04) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

Aruna