අධික වැසි ඇතිවන අවස්ථාවේ ඟංවතුර සහ නායයෑම් වැඩි වශයෙන් හට ගැනීමට අදාළ ප්‍රදේශවල වන ගහණය අඩුවීමද බලපා ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න පැවසුවේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගංවතුර සහ නායයෑම් හටගැනීමේ තත්ත්වයන් වැඩිවී ඇති බවයි.
මේ වන විට පවතින වැසි තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවත්, සුළගේ වේගය ද එලෙසම පවතිනු ඇති බවත් ඔහු සඳහන් කළා.
ඇදහැලෙන අධික වැසි හේතුවෙන් පවුල් 3,191 ක පුද්ගලයින් 12,819 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 03 ක්. පුද්ගලයින් 2,313 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං අපේක්ෂිතයි.
Neth