Tuesday, February 17, 2026
Follow Us
විදුලිබිල වැඩිකරනවට එරෙහිව විරෝධයක්

‘කරුවලේ විරෝධය’ 6 වැනිදා


විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් එළැබෙන 06 වැනිදා ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පැවසුවේය.

එදින සවස 06 සිට පසුදා උදෑසන 07 දක්වා නිවෙස් තුළ කාර්යාලය තුළ, වැඩබිම තුළ ඇති සියලුම විදුලි උපකරණ ක්‍රියා විරහිත කර දමන ලෙස එම සංගමය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටි.

එමෙන්ම එදින සවස 06 සිට පන්දම් රැගෙන ළඟම ඇති නගරයට පැමිණ විරෝධය පළ කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ලේකම් සංජිව ධම්මික කියා සිටියේය.

2 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙස පෙන්වා දුන්නේය.

විදුලි බිල සියයට අටසියකින් වැඩිකිරීමට විදුලි බල මණ්ඩලයේ උත්සාහය පරාජ කිරීමට සියලුදෙනා එකමුතු විය යුතුයි. විදුලි බල මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යවස්ථානුකූලව පවරා ඇති නීතිමය කටයුතු උල්ලංඝනය කරනවා.

එවැනි තත්ත්වයක් තුළ අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීමට ඉඩලබා දිය නොහැකියි. මණ්ඩල පනතේම සාධාරණ ලෙස වියදම් අයකර ගත යුතු බව දක්වා තිබෙනවා යැයිද ඔහු පැවැසීය.

Aruna