Tuesday, February 17, 2026
Follow Us
ඉන්ධන පෝළිමක තවත් මරණයක්

ඉන්ධන මිලදී ගැනීම සඳහා පුත්තලම නගරයේ පිහිටි පිරවුම්හලක් අසල පෝළිමක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

ලොරි රථයකට ඉන්ධන ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයා එම ස්ථානයට පැමිණ පෝළිමේ රැඳී සිට තිබෙනවා. පෝළිමේ ඇති අනෙකුත් වාහන ඉදිරියට යාමේදී අදාළ ලොරි රථය ඉදිරියට ගමන් නොකිරීම හේතුවෙන් එම ස්ථානයේ සිටි පිරිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකර තිබුණා.

එහිදී අදාළ පුද්ගලයා සිහිසුන්ව සිටීම හේතුවෙන් පිරිස එක්ව ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කරන විටත් අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Neth