Wednesday, April 08, 2026
Follow Us
රැට්ටා ඇප මත නිදහස් …

ජනප්‍රිය යූටියුබ් ක්‍රියාකාරිකයකු සහ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

ඔහුව පෙරේදා (01) දිනයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනි.

ඒ, පසුගිය මැයි 21 වනදා කොළඹ බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

LNW