Tuesday, February 17, 2026
Follow Us
බලාගාර ආශ්‍රිත ජලාශ පිරුණත් විදුලි කප්පාදුව අඛණ්ඩව

ඉකුත් දින කිහිපයේ ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් විදුලි ඒකක මිලියන සියයක පමණ ප්‍රමාණයක් නිපදවීමට හැකි ජල ධාරිතාවක් ලැබී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ සියලුම බලාගාර අශ්‍රිත ජලාශවල ජල ධාරිතාව ඊයේ දිනය වන විට සියයට 60ක් පමණ දක්වා වර්ධනය වී ඇති බවයි.

ජල විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පැවතුනද ඉදිරි කාල සීමාවේදීද විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදු වන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Neth