Tuesday, February 17, 2026
Follow Us
තෙල් නැතිනම් අධිවේගී මාර්ගයේ එන්න එපා

අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට පණිවිඩයක්


පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ අධිවේගී මාර්ග රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

එහිදී අධිවේගී නඩත්තු ඒකකය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුළු වීමෙන් වළකින ලෙසටය.

ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන නොමැතිනම් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථ වාහන ඇතුල් නොකරණ ලෙස සඳහන් ඩිජිටල් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැකගත හැකිවිය.

Aruna