Monday, December 29, 2025
Follow Us
 අයහපත් කාලගුණ‌යෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන 7500 ඉක්මවයි

ආපදා මරණ ගණන ඉහළට


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව්දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මහනුවර, නුවරඑළිය, ගාල්ල, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

එම මධ්‍යස්ථානයේ සංඛ්‍යා දත්තවලට අනුව ආපදා හේතුවෙන් මේ වන විට පවුල් 1,766කට අයත් පුද්ගලයින් 7,649 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

එමෙන්ම පවුල් 643කට අයත් පුද්ගලයින් 3,046 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස 25ක අර්ධ හානි සිදුව තිබේ.

Aruna