තෙල් මිල 4%කින් අඩු වුණොත් බස් මිල අඩු කරනවා
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද(02) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
ඊයේ රාත්‍රියේ 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල පමණක් සංශෝධනය කෙරුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 430ක් ලෙසය.
කෙසේ වෙතත්, ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල 4%කින් පමණ අඩු විය යුතු අතර, ඒ අනුව ගාස්තු සංශෝධනය කළ හැකි ද යන්න අධ්‍යයනය කර අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේය.
ඩීසල් ලීටරයක මිල 20%කින් පමණ අඩු කිරීම හේතුවෙන් පසුගිය මස 20 වන දා බස් ගාස්තුව 2.23% පහත දමා ඇත.
එහි දී රුපියල් 40ක් ව පැවති අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගනු ලැබුවේය.
Aruna