Tuesday, February 17, 2026
Follow Us
නොලැබුණු ත්‍රිපෝෂ මව්වරුන් වෙත බෙදා හැරීම ඇරඹේ

මෙම සතිය තුළ කිරිදෙන මව්වරුන්ට සහ ගර්භණී මව්වරුන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

එහි සභාපති දීප්ති කුලරත්න පැවසුවේ කිරිදෙන සහ ගර්භණී මව්වරුන් සඳහා මසකට අවශ්‍ය ත්‍රිපෝෂ පැකට් හත්ලක්ෂ 20,000 ක් පමණ මේවනවිට සිය ආයතනය මගින් නිපදවා ඇති බවයි.

දරුවන් සඳහා අවශ්‍ය ත්‍රි පෝෂ නිෂ්පාදනය කිරීමට ඉදිරි සති කිහිපය තුළ හැකි වනු ඇති බව ද ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

Neth