Tuesday, February 17, 2026
Follow Us
මිත්තණිය සහ මිනිබිරිය සැඩ පහරකට හසුවෙයි

අතුරුදන්ව ඇති 05 හැවිරිදි දැරිය සොයා මෙහෙයුම්


පොල්පිටිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක් සහ ඇයගේ මිනිබිරිය ජල පහරට හසුවී තිබේ.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී 60 හැවිරිදි වියේ පසුවූ මිත්තණියගේ සිරුර හමුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

අතුරුදන්ව ඇති 05 හැවිරිදි වියේ පසුවූ මිනිබිරිය සොයා ප්‍රදේශවාසීන් සහ පොල්පිටිය පොලීසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගගට ජලය ගලා බසින මෙම ඇළ මාර්ගයේ සැඩ පහර වැඩිවී තිබේ.

පෙර පාසලට ගොස් සිටි තම මිනිබිරිය රැගෙන නිවස කරා යමින් සිටියදී ඔවුන් දෙදෙනා මෙම අනතුරට ලක්ව ඇත.

මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත.

Aruna