Tuesday, February 17, 2026
Follow Us
ප්‍රධාන මාර්ගයක් නායයයි

කාන්තාවක් ප්‍රපාතයට ඇද වැටෙයි


පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවක්ද පස් කන්ද නාය යාම සිදුවන අවස්ථාවේ ප්‍රපාතයට ඇද වැටීමෙන් තුවාල ලබා ඇත.

ඒ ආසන්නයේම තවත් ස්ථානයක පස්කන්දක් නාය යන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාළ ලබා ඇත.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර තිබේ

Aruna