පොලිස් පරීක්ෂකවරයාගේ මොළයට හානි
අම්පාර මුලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් හිසට වෙඩිතබාගෙන තිබේ.
අද (01) උදෑසන 10.50ට පමණ එම වෙඩිතබා ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
අම්පාර මුලස්ථාන පොලීසියේ උප පොලිස්වරුන්ගේ තනිකඩ භට නිවාසය ඉදිරිපිටදී එම වෙඩිතබා ගැනීම සිදුකර ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.
වෙඩිවැදීමෙන් අදාළ නිලධාරියා බරපතළ තුවාල ලබා මේ වනවිට අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩිවැදීම හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයාගේ මොළයට හානි සිදුවි ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම වෙඩිතබා ගැනීම පිළිබඳව විශේෂ පරික්ෂණයක් නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රි දමින්ද මහතාගේ උපදෙස් පරිදි අම්පාර පොලීසිය විසින් සිදුකරයි.
Aruna