Monday, December 29, 2025
Follow Us
ඉදිරි දෙසතියේදී කොවිඩ් ආසාදිතයින් වැඩි වීමේ අවදානමක්

ඉදිරි දෙසතිය තුළ මෙරටින් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු ඇතුඑ කරුණු ගණනාවක් ඊට හේතුවිය හැකි බවයි.

පවත්නා තත්ත්වය හමුවේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම දැඩි ලෙස පිළිපැදීම අත්‍යාවශ්‍ය වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Neth