නිරිත දිග මෝසම සක්‍රීයයි
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් අද (01 වැනිදා) සිට ලබන 06 වැනිදා දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.
බස්නාහිර, සබරගමුව යන පළාත් වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට තරමක වැසි බලාපොරොත්තු විය හැකි බවද ඔහු කීවේය.
මිලි මීටර් 50 ක 60 ක වැසි ඇතිවිය හැකි බවත්, ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වලටද වැසි ඇතිවන බව ඔහු පැවසුවේය. මෝසම සක්‍රීය වීමත් සමග සුළඟේ වේගය වැඩිවන බවද ඔහු කීවේය.
පසුගිය දිනවල මෝසම් තත්වය දුර්වලව පැවතීම හේතුවෙන් උතුරු, උතුරු මැද පළාත් වලට පසුගිය දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවූ බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීවේය.
දිවයිනේ ජලාශවල ජල මට්ටම සියයට 40 ක් දක්වා වැඩිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවසීය.
පසුගිය දිනවල මහවැලි සහ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව සියයට 38 ක් දක්වා පහත වැටී තිබුණි.
Aruna