ඉන්ධන ලබාදිම වෙනුවෙන් විවිධ ක්‍රමවේදයන් හඳුන්වාදී ඇති නමුත්, ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මේවනතෙක් කිසිඳු නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක රත්න ගමගේ සඳහන් කළේ සුළුපන්න ධීවරයින් සඳහා ප්‍රමාණවත් පරිදි භූමිතෙල් තොග නොලැබෙන බවයි.
ධීවර කර්මාන්තයෙන් යැපෙන 16 ලක්ෂයකට අධික පිරිසකට ඉන්ධන අර්බුදයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
Neth