Thursday, July 09, 2026
Follow Us
වැල්ලවත්තේ වෙඩි තැබීමක්

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු මියයයි


වැල්ලවත්ත විවේකානන්ද පාරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ යතරු පැදියකින් පැමිණ නාදුනන පුද්ගලයින් දෙදෙ‌නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතකයින් සොයා වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

Aruna