Tuesday, February 17, 2026
Follow Us
තවත් ගෑස් නැවක් අද දිවයිනට

දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොලට

අද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඊයේ දිනයේදී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බවත්, එහි ගොඩබෑම් කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි.

මේ වන විට ගෑස් මිලදී ගැනීම සදහා විවිධ ප්‍රදේශවල පැවැති පෝලිම් අවසන් ව ඇති බව ඔහු පැවසීය.

අඛණ්ඩ ගෑස් සැපයුමක් සදහා දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙදපොළට නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Aruna