Sunday, May 05, 2024
Follow Us
මට නීතිය කඩන්නත් පුළුවන් හදන්නත් පුළුවන් පුළුවන්- අල්ලස් කොමිසමේ හිටපු ජෙනරාල්වරියගේ පාපොච්චාරණය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් දැන් කණගාටුවට පත්වන අතර එම නඩුව හේතුවෙන් ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ව්‍යාපාරවලට බලපෑමක් සිදුවන බව දැන සිටියේ නම් කිසිදිනෙක එවන් තීරණයක් නොගන්නා බවත් පාපොච්චාරණය කර තිබේ.

නිශ්ශංක සේනාධිපති මහතා සමඟ වන දුරකථන සංවාදයකදී ඇය එම පාපොච්චාරණය කර ඇත.

තමන්ට එසේ සිදුකිරීමට හේතු වී තිබුණේ දේශපාලන බලපෑම් හේතුවෙන් බවද ඇය පිළිගෙන තිබේ.

(LNW)