Tuesday, February 17, 2026
Follow Us
රටින් පනින්න හැදූ අරගලකරු අල්ලා ගැනීම ගැන පැහැදිලි කරයි

පොලිසියෙන් විශේෂ නිවේදනයක්


කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් (26) සවස් කාලයේදී අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ කොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව සිදුකළ විරෝධතාවයන්ට සමගාමීව ඊට සම්බන්ධ විරෝධතාකරුවන් පිරිසක් විසින් පසුගිය 13 වනදා ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ජාතික රූපවාහිනී සංස්ථාව වෙත ඇතුළුවී එහි සජීවීව පෙනීසිටිමින් සහ එහි විකාශන කටයුතු යම් කාලසීමාවකට අත්හිටුවීමට හේතුවූ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ඔහු හඳුනාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 31 හැවිරිදි වෑබඩ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පසුවන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Aruna