Tuesday, February 17, 2026
Follow Us
මත්පැන් හඳුනා ගන්න මෘදුකාංගයක්

ව්‍යාජ නොවන අරක්කු සොයා ගන්න අලුත් වැඩක්


මත්පැන් වල නිර්ව්‍යාජතාව හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව අදාළ ජංගම දුරකථන මෘදුකාංගය නියාමන ව්‍යාපෘතියක් ලෙස මෙරටදී ආරම්භ කෙරෙනු ඇති.

එහිදී මෙරට තුළ අලෙවි කරන සියලුම විදේශීය මත්පැන් සඳහා අදාළ වන පරිදි මෙම ජංගම දුරකථන මෘදුකාංගය හදුන්වාදීමට තීරණය කර තිබේ.

වසර ගණනාවක පටන් සිදුකළ අඛණ්ඩ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෘදුකාංගය හදුන්වාදීමට හැකියාව ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේදී මේ පිළිබඳව වැඩිදුරටත් මහජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇත.

Aruna