පෙම්වතා පිළිබඳව සොයාද්දී ඔහු විවාහක දෙදරු පියෙක්
බිබිල යල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් විවාහ කර ගැනීමට පොරොන්දුවී ඇයගේ රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් වරින්වර වංචනික ලෙස ලබාගත් දෙදරු පියකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
තිස්දෙහැවිරිදි ගුරුවරිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රක්ෂණ සමාගමක කළමනාකාරවරයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණි.
ඔහු විසින් ඇයගෙන් අවස්ථා කිහිපයකදී මෝටර් රථයක් මිලදීගැනීම ඇතුළු විවිධ අවශ්‍යතාවන් යැයි සඳහන් කරමින් රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් ලබාගෙන ඇත.
ගුරුවරියගේ අනුදැනුම මත ක්‍රෙඩිට්කාඩ් පත භාවිත කරමින්ද අවස්ථා කිහිපයකදී ඔහු විසින් මුදල් වංචනික ලෙස ලබා ගෙන තිබේ.
පෙම්වතා පිළිබඳව සොයාබැලීමේදී ඔහු විවාහක දෙදරු පියකු බව දැනගැනීමෙන් පසු ගුරුවරිය විසින් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
Aruna