Wednesday, April 08, 2026
Follow Us
ජනාධිපති මන්දිරයේ පිත්තල භාණ්ඩ පරණ බඩු කඩේට ගිය හැටි

පිත්තල බෝල සොරාගත් සැකකරුවන් තුනක් අත්අඩංගුවට


ජනාධිපති මන්දිරයෙන් සොරාගන්නා ලද ජනෙල් තිර රෙදි එල්ලීමට බිත්තරයේ සවිකරන රන් පැහැති පිත්තල බෝල 40ක් සමග සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (24) පස්වරුවේ අදාළ භාණ්ඩ පරණ බඩු අලෙවිකරන කඩසාප්පුවකට අලෙවි කිරීමට ගිය අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 9 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමෙන් අනතුරුව එහි තිබී මෙම පිත්තල බෝල සොරාගෙන ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 34 හා 37 යන වයස්වල පසුවන්නන්ය.
සැකකරුවන් තිදෙනාම රාජගිරිය ඕබේසේකරපුර පදිංචිකරුවන් බව වැලිකඩ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna