වීඩියෝ දසුන් යොදාගෙන පොලිසිය කරන්න යන දේ
ගාලුමෝදර අරගල භූමියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසුරුණු අරගල කරුවන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් නීති අංශ විසින් කරුණු අධ්‍යයනය කර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරනවා.
පොලිස් නිලධාරීන් අරගල භූමියට සිය රාජකාරි කටයුතු සඳහා ගමන් කරන විට පොලිස් නිලධාරීන් අරගල භූමියෙන් එළවා දමන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මෙන්ම පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කරන වීඩියෝ දසුන් දරැසක් ද මේ වනවිට පොලිසිය සතුව ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම වීඩියෝ දසුන් ද සාක්ෂි ලෙස යොදා ගනිමින් නඩු පැවරීමේ කටයුත්තක් සිදුකරන බවයි පොලිස් තොරතුරු සඳහන් කරන්නේ.
හෙට හෝ අනිද්දා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය මේ වන විටත් සැලසුම් කර ඇති බවයි පොලිසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ.
පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන සිටින පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේ
Aruna