වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල් මඟින් ඉන්ධන ලබාදීමේ කටයුතු ඉකුත් සතියේ සිට ආරම්භ කළා. මෙම ක්‍රමවේදය නිසි පරිදි ඉන්ධන තොග ලැබුණු පිරවුම්හල් ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.
කෙසේ වෙතත් ඉකුත් දින කිහිපයේම දක්නට ලැබුණු ප්‍රධාන කාරණයක් වන්නේ ඇතැම් රියදුරන් මෙම ක්‍රමවේදයට ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් තම වාහනවල අංක තහඩු වෙනස් කරමින් පිරවුම්හල් වෙත පැමිණෙන බවයි.
මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නෙත් නිවුස් පොලිස් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අංක තහඩු මාරු කරන පුද්ගලයින්ට ව්‍යාජ අංක තහඩු භාවිතය නමැති රථවාහන වරද ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවයි.
එවැනි ව්‍යාජ අංක තහඩු බවට සැක සහිත වාහනයක් ඉන්ධනහලකදී දුටුවොත් ඒ සම්බන්ධයෙන් වහාම පොලීසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Neth