මන්කි ෆොක්ස් රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සදඟා සියලු පහසුකම් තම ආයතන සතුව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාද්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් මෙන් නොව මෙම වෛරසය ආසාධනය වූ රෝගීන් පහසුවෙන් හදුනා ගැනීමට හැකි බවද මහචාර්යවරයා මෙහිදී සදහන් කළා.
මන්කි ෆොක්ස් වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පැවත්වූ මාධ්‍ය හමුවකදීයි.
මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 3,040ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.
Neth