සංචාරක කර්මාන්තය සඳහා හිඟයකින් තොරව ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක මග පෙන්වන්නන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසයට පසු මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන්නේ අගෝස්තු මාසයේදී බවයි.
එබැවින් සංචාරකයින්ගේ පැමිණීම හරහා මේ මෙහොතේ රට තුළ පවතින ඩොලර් හිඟයට යම් හෝ විසදුමක් ලැබෙනු ඇති බවද සංචාරක මගපෙන්වන්නන් පවසනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සංචාරකයින් සිදු කළ පෙර වෙන් කිරීම් සියයට හැටක පමණ ප්‍රමාණයක් අවලංගු කර ඇති බව නෙත් නිවුස් මීට පෙර අනාවරණය කළා.
එහිදී නෙත් නිවුස් පෙන්වා දුන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් කඩිනමින් ආරම්භ කරන ලෙසයි. සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන තොග සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත බලශක්ති අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය මීට පෙර ප්‍රකාශ කළේ.
Neth