QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමට පෙර පිරවුම්හල්වලට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යළි ලබාදෙන්නැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සමලේකම් කපිල නාඔටුණ්න පැවසුවේ ඉන්ධන නොමැති වීමෙන් වසා දමා තිබූ කාලයේද පිරවුම්හල්වලට හමුදා ආරක්ෂාව ලබාදී තිබූ බවයි.
මේ වන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණද එය ප්‍රමාණවත් නොවන බවයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් පැවසුවේ.
සිය පිරවුම්හල්වලට දැනට ලබාදෙන තොග ද ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමට තමන් එකඟ බවත්, ඒ හරහා පවතින තෙල් මාෆියාව තුරන් කිරීමේ හැකියාව පවතින බවත් ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් වැඩිදුරටත් සඳහන් කළා.
QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම හෙට සිට ආරම්භ කිරීමටයි බලශක්ති අමාත්‍යංශය මේ වන විට සැලසුම් කර ඇත්තේ. සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඊයේ දිනයේ නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වුණා.
Neth