සිය ඉල්ලීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිසි විසදුමක් ලබානොදුනහොත් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එම සංගමය ඊයේ පස්වරු 06 යේ සිට පැය 48 ක කාලයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එම කාලය තුළ සියලුම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු සිදුවන්නේ නැහැ. නව ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් පාලන අධිකාරිය විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිවයි දුම්රිය ස්ථානාධිපති සංගමය හදිසියේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ඊයේ ආරම්භ කළේ.
පවතින ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පෙරවරු 10 ට සාකච්ඡාවක් සඳහා සිය නියෝජිතයින් කැදවා ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
තමන් වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වුවද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
එහෙත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමුවේ රජයේ ප්‍රතිපත්තියට අනුව බවයි.
Neth