Tuesday, February 17, 2026
Follow Us
ගෑස් නෞකා හයක් ඉදිරි සතියේ එයි

ලිට්‍රෝ සමාගමෙන් සුභ ආරංචියක්


තවත් ගෑස් නෞකා හයක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිතයි.

ඒ අනුව මෙම මාසය තුළ සපුරාගැනීමට අපේක්ෂිත ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33,000 කි.

මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා මෙලෙස ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

මීට පෙර දෛනිකව වෙළඳපොලට නිකුත් කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් පමණ වුවත් මේ වනවිට එය ලක්ෂයක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේය.

Aruna