Tuesday, February 17, 2026
Follow Us
අරගලේට මුවාවී ගේම් ගහපු උන්දැලාට වෙන්න යන දේ මෙන්න

මැදුරු විනාශ කළ 100ක් හදුනා ගනී


ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හානි වන ආකාරයෙන් කටයුතු කළ සහ එම ස්ථානවල තිබුණු වටිනා කියන භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයින් 100කට වැඩි පිරිසක් හඳුනා ගැනීමට පොලීීසිය සමත්ව තිබේ.

ඡායාරූප හා වීඩියෝ මඟින් මෙම පිරිස හඳුනා ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට අවශ්‍ය කටයුතු බුද්ධි අංශයේ සහය ඇතිව මේ වන විටත් ආරම්භ වී ඇති බවටයි තවදුරටත් වාර්තා වන්නේ.

එම විමර්ශන කටයුතු අවසන් වූ වහාම ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

Aruna